මම සාමාන්‍යයෙන් ඉරිද දවස් වලට කරන්‌නෙ රූපවාහිනිය නරඹන එක. නිවාඩු දවසනෙ ලස්‌සන වැඩසටහනුත් යනවා. ඒ අතරින් ශක්‌ති ටීවි එකේ හවස එකට විකාශය වන දමිළ චිත්‍රපටය අනිවාර්‌යයි. ගොඩක් වෙලාවට බලන්‌නෙ හොස්‌ටල‍් එකේ මිත්‍රයොත්
එක්‌ක. හැබැයි හැමදාම ඒ වෙලාවට අසාධාරණ වැඩක් සිද්‌ද වෙනවා කියලා මට හිතුනා. අසාධාරණය සිද්‌ද වෙන්නෙ මට නොවෙයි චිත්‍රපටයට අනුග්‍රහය දක්‌වන පාර්ශවයට. අනුග්‍රාහකයෙක් චිත්‍රපටයක් සඳහා විශාල ධනයක් වැයකර අනුග්‍රහකත්‌වය දක්‌වන්‌නෙ ඔව්‌න්ගෙ ප්‍රචාරණ දැන්‌වීම් ප්‍රේක්‌ෂකයන් හට පෙන්‌වීමේ අරමුණින්. ඉතිං අපේ ප්‍රේක්‌ෂකයො කරන්‌නෙ මොකක්‌ද දැන්‌වීම් යන වෙලාවට දුරස්‌ථ පාලකය එක අරං වෙන නාලිකාවකට මාරැකරනවා. එහෙම හැමෝම කලොත් කව්‌ද ඒ අයගෙ දැන්‌වීම් බලන්‌නෙ? මට නම් හිතෙන්නෙ එය ඔව්‌න්‌ට කරන අසාධාරණයක් වගේම යුතුකම් පැහැරහැරීමක් කියලයි.
Monday, September 24, 2007
අසාධාරණයක් !
Posted by ෴ මහේෂ්-ඩී-ජය ෴ at 1:38 PM
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment