Monday, September 17, 2007

හැඳින්‌වීම

මම මුලින්‌ම අන්‌තර්‌ජාලය කියන්‌‍නෙ ‍මොකක්‌ද, එයින්‌ ‍කෙරෙන්නෙ ‍මොකක්‌ද කියලා දැනගත්තෙ මම ඉස්‌‍කෝ‌‍ලෙ යන කාලෙ ජාතික රූපවාහිනි‍ ‍සේවයෙ ගියා "අන්‌තර්‌ජාලය ඔ‍‍බේ‌ නිවසට” කියලා ලස්‌සන වැඩසටහනක්‌ (දැන්‌නම්‌ එය නැහැ) ම‍ගෙ මතකය නිවරදිනම්‌ ටී.එම්‌.ජී.චන්‌ද්‍ර‍සේ‌කර මහත්‌මයා තමයි එය නිෂ්‌පාදනය කර ඉදිරිපත්‌ ‍ක‍ලේ‌. ඒ දවස්‌වල මම ‍පරිගණකයක්‌ අල්‌ලලා වත්‌ නැහැ. තමුත්‌ එක වැඩසටහනක්‌ වත්‌ මගහරින්‌‍‍නෙ නැතිව බැලුවා මට මතකයි. ඒ එහි තිබූ සුවි‍ශේ‌ෂී බව නිසා. පස්‌‍සෙ උසස්‌ ‍පෙල කරන‍කොට ‍13 වස‍රෙදි අපට තිබුණා සාමාන්‍ය ‍‍තොරතුරු තාක්‌ෂණය. එතනදි තමයි මට මුලින්‌ම පරිගණනයක්‌ පාවිච්‌චිකරන්‌න ලැබුණෙ. ඒ දවස්‌වල අ‍පේ‌ ගම්‌පලාතට (වැලිමඩ) පරිගණකය, අන්‌තර්‌ජාලය,ඉන්‌ටර්නෙට්‌ කැෆේ‌ ව‍ගේ‌ වචන ‍ටිකක් නුහුරුයි. පස්‌‍සෙ පාසලෙන් ‌ අයින්‌ ‍වෙලා සරසවියට යෑමට තරම්‌ ප්‍රම‍මාණවත්‌ ලකුණු ‍නොලැබීම ‍හේ‌තු‍වෙන්‌ මම වෘත්‌තීය අධ්‍යාපනය සදහා කුරැණෑගලට එන්‌න වුනා. කුරැණෑගල නම්‌ ඉන්‌ටර්‌‍නෙට්‌ කැෆේ‌ ඕන තරම්‌ තිබුණා. අන්‌තර්ජාලයත්‌ එක්‌ක ගනු‍දෙනු කරන්‌න පටන්‌ ගතෙ ‍මේ‌ කාලෙදි. මුල්‌ දවස්‌වල මම ක‍ලේ ‍ගොඩක්‌ දුරට ගූගල්‌ සෙව්‌ම්‌ යන්‌ත්‍රය හරහා ‍සර්‌ච්‌ කරන එක තමයි. (වැඩි වශ‍යෙන්‌ ඉතිං සබ්‍ය ‍නොවන දේවල්‌ තමයි සර්‌ච්‌ ක‍ලේ‌ ) . එ‍හෙම යන‍කොට එක දවසක්‌ අහම්‌‍බෙන්‌ ව‍ගේ‌ සිංහල අකුරු තියෙන ‍වෙබ්‌ අඩවියක්‌ එය තමයි කපුටා ඩොට් කොම්. මුලින්‌ හිතු‍වෙ නිකන්‌ ‍මොනාහරි ‍විහිළු වෙබ්‌ අඩවියක්‌ කියලා.ඇයි ඉතින්‌ නමත්‌ "කපුටා" “මෙතන කොටන්න" ව‍ගේ‌‍ වචන‍නෙ තිබු‍ණෙ. පස්‌‍සෙ තමයි කපුට‍ගෙ වැදගත්‌කම
අව‍‍බෝධ වු‍නේ‌. එ‍හෙම ක්‍රමක්‌ ක්‍රම‍යෙන්‌ අන්‌තර්ජාල පාවිච්‌චිකර‍ගෙන යන ගමන්‌ ‍ගොඩක්‌ ‍‍දේවල්‌ අදුනගත්‌තා. දැනගත්තා, හොයාගත්‌තා, දැකගත්‌‍තා, ඇහුවා. එ අතරින්‌ ඉතා වැදගත්‌ ‍දෙයක්‌ තමයි සිංහල යුනි‍කෝඩ්‌ මුලදි ටිකක්‌ අල්‌ල ගන්‌න අමාරු වුනා තමයි. නමුත්‌ ආසාව නිසා කොහොම හරි හුරුවුණා. මම ‍යුනි‍කෝඩ්‌ ගැන ‍ගොඩක්‌ දේ‌වල්‌ ඉ‍ගෙන ගත්‌‍තෙ සිංහල යුනි‍කෝඩ්‌ සමූහ‍‍යෙන්‌ හා යුනි‍කෝඩ්‌ ‍වෙබ්‌ අඩවි‍යෙන්‌. නමුත්‌ එහි වැඩවලට සක්‍රීයව දායන වු‍නේ නැහැ. පැත්‌තක ඉදන්‌ බලා හිටියා විතරයි. එහිදී යුනි‍කෝඩ්‌ සමූහ‍යෙ සාමාජිකයන්‌‍ගෙ‌ බ්ලොග්‌ අඩවි බැලීමටත්‌ අවස්‌තාව උදාවුණා. එ අතරින්‌ (ආරූඪ නමකින්‌ බ්ලොග්‌ ලියන) ආනන්‌දවර්‌ධනයන්‌‍ගෙ "වෙබ් ආලෝචනා" බ්ලොග්‌ අඩවිය මා ඉතා අගය කරන රස විදින යමක්‌ ලබාගන්‌න තැනක්‌. ඊට අමතරව මලින්‌ත සමර‍කෝන්‌, දමිත් ප්‍රසංග, තුසිත රන්‌දුනු‍ගේ‌, දසුන් සමීර වීරසිංහ හා නාමල්‌ අමරසිංහ යන මහත්‌වරුන්ගේ‌ සිංහල වියුණු අඩවිද ඉතා අගෙයි. ඉතින්‌ ‍මෙහෙම යන‍කොට මටත්‌ හිතුනා නිකන්‌ විහිළුවට ව‍ගේ‌ බ්‌‍ලොග්‌ එකක්‌ ලියන්‌න. වි‍ශේ‌ෂ ප්‍රස්‌තුතයක්‌ නම්‌ නැහැ නමුත්‌ වැදගත්‌ යමක්‌ සිංහල යුනි‍කෝඩ්‌ වලින්‌ ලියන්‌න තමයි ම‍ගේ‌ අදහස.වැරිදි ‍දොස්‌ අගුණ එ‍හෙම තියනවනම්‌ ‍පෙන්‌නලා ‍දෙනවනමි මම ‍ගොඩක්‌ කැමතියි. මොකද මම තවම ආධුනිකයෙක්. ‍

No comments: