Friday, September 21, 2007

සෙකන්ඩ් හෑන්ඩ් හෑන්ඩ් ෆෝන්‌ස්‌ - Second hand Hand Phones

ජංගම දුරකථනය කියන්‌‍නෙ අද විලාසිතාවක්‌, අවශ්‍යතාවක්‌ ව‍ගේම බහුමාධ්‍ය වි‍නෝදාස්‌වාදක උපාංගයක්‌. විලාසිතාවක්‌ වෙන්නෙ නිතරම අළුත්‌ මාදිලි එන නිසා. කතාකිරීම අවශ්‍යතාවයක්‌. වි‍නෝදාස්‌වාදක උපාංගයක්‌ වෙන්නෙ ‍මෙහි ගුවන්‌ විදුලිය, ගීත, වීඩි‍යෝ, අන්‌තර්ජාලය, පිංතූර ගැනීම, වීඩි‍යෝගත කිරීම වැනි වි‍නෝදාස්වාදය සදහා විකල්‌ප ‍මෙහි අන්‌තර්‌ගත කර ති‍‍බෙන නිසා.මේ ‍හේතුවෙන්‌ ‍ජංගම දුරකතන ‍වෙළද ‍පොල ඉල්‌ලුම සැලකිය යුතු මට්‌ටමක පවතිනවා. අ‍පේ ර‍ටේ‌ ජංගම දුරකතන ‍වෙළද පොල ප්‍රධාන වශ‍යෙන්‌ කොටස්‌ ‍දෙකකට ‍බෙදිය හැකියි. එනම්‌ පාවිච්‌චි නොකරනලද (Brand new) ජංගම දුරකතන හා පාවිච්‌විකරන ලද (Used) ජංගම දුරකතන වශ‍යෙන්‌ දැන්‌ මම ලියන්‌න යන්‌‍නෙ පාව්‌ච්‌චිකරනලද (Used) ජංගම දුරකතන වෙළදපොල ගැනයි.

මෙය ‍බොහෝවිට සිදු‍කෙරෙන්නෙ‌ සේවකයින්‌ විශාල ප්‍රමාණයක්‌ සිටින ‍සේවාස්ථාන තුලයි. එවැනි ආයතන තුල පාව්‌ච්‌චි කල ජංගම දුරකතන විකිණීම්‌ හා මිලදී ගැනීම්‌ කරන සමහර පුද්‌ගලයින්‌ එ සදහාම ප්‍රසිද්‌ධියක්‌ උසුලනූ ලබනවා. උදාහරණයක්‌ වශ‍යෙන්‌ මම ‍සේ‌වය කරන ආයතනය තුල එවැනි පුද්‌ගලයින්‌ තිදෙනෙක්‌ ‍සේ‌වය කරනවා. ආයතනයෙ අයෙකුට දුරකතනයක්‌ අවශ්‍යනම්‌ තමා බලාපොරොත්තු වන මාදිලය අවශ්‍ය අංග ‍ගෙවීමට බලාපොරොත්තුවන මුදල ආදී විස්‌තර ලබාදුන්‌විට ඔවුන්‌ හැකි ඉක්‌මණින්‌ අප‍ගේ‌ අවශ්‍යතාවය ඉටුකරනු ලබනවා. එය දින ‍කිහිපයක්‌ පාවිච්‌චිකර ‍දෝෂ කිසිත්‌ නොමැතිනම්‌ මුදල්‌ ‍ගෙවීම තමයි සාමාන්‍යයෙන් සිදුවන්‌‍නෙ‌. මෙහිදී අවම මිලකට ‍හොද දුරකතනයක්‌ ඇපකරුවකු සහිතව ලබා ගැනීමේ‌ අවස්‌තාව අපට ලැබෙනවා. හේතුව විකුණුම්‌කරු සහ ගැණුම්නරු ‍යන ‍දෙදෙනාම එකම ආයතනය තුල සේවය කිරීමයි.

ඊට අමතරව දැන්‌ අන්‌තර්‌ජාලය හ‍රහාද පාවිච්‌චිකල දුරකතන මිලදීගැනීම විකිණීම සිදුකල හැකියි. මේ සදහා ‍වෙන්‌වු ලුහුඩු දැන්‌වීම්‌ ‍වෙබ්‌ අඩවි රාශියක්‌ දැන්‌ අන්‌ත්ර්‌ ජාලයට එක්‌ වී ති‍බෙනවා. දවසින්‌ දවස එක්‌ වන ‍වෙබ්‌ අඩවි ප්‍රමාණය වැඩි‍වෙම්‌න්‌ තිබෙනවා.මේ අතුරින්‌ ක‍ාර්‍යක්‌ෂමතාව වැඩි‌ ‍වෙබ්‌ අඩවියක්‌ ‍ලෙස
http://classified.wow.lk/ ‍වෙබ්‌ අඩවිය හදුන්වාදිය හැකියි. දිනකට ඉතා විශාල පිවිසුම්‌ ප්‍රමාණයක්‌ සිදුවන ‍මෙම වෙබ්‌ අඩවිය මගින්‌ ඔබටත්‌ අවශ්‍යනම්‌ ඔ‍බේ‌ ජංගම දුරකතනය ඉතා ඉක්‌මණින්‌ ‍නොමිලේ‌ අ‍ලෙවිකරගත හැකියි. 

No comments: