Thursday, September 20, 2007

රාමසාන් සද බලන්න එන්න ෆාතිමා


මේ රාමසාන්‌ උපවාස සමයයි. අ‍‍පේ‌ ස‍හෝදර ඉස්‌ලාම්‌ ආගම අදහන බැතිමතුන්‌‍ගේ එක්‌සුවි‍ශේ‌ෂී ආගමික වතාවතක්‌ සිදු‍කෙරෙන සමයක්‌ කිව්‌‍වොත්‌ වඩා නිවරදියි. මේ මස එනම්‌ සැප්‌තැම්‌බර්‌ මස 14 වන දි‍නෙන්‌ ඇර‍‍ඹෙන ‍මෙම උපවාසය ලබන මස එනම්‌ ඔක්‌‍තොම්‌බර්‌ 14 දක්වා සිදුකරනු ලබනවා. එහි ප්‍රධාන අරමුණ වන්‌‍නේ‌ දුප්‌පත්‌ නෑමට බීමට ‍හෝ යමක්‌ ‍සොයාගත නොහැකි මිනිසුන්‌ විදින දුෂ්‌කරතාවය පිළිබද අත්දැකීමක්‌ ලබා ගැනීමයි. එහිදී ඔවුන්‌ ප්‍රධාන වශ‍යෙන්‌ අළුයම 4.45 ට ‍පෙර තම සියළුම ආහාර පාන ගැනීම්‌ කටයුතු නිමකර ආගමික වතාවත්‌වල ‍යෙදී ‍මෙම උපවාසය ආරම්‌භ කරනු ලබවා. සාමාන්‍ය වහ‍රේ‌දී‍ “නෝබි ඇල්‌ලීම” යනු‍වෙන්‌ හදුන්‌වන්‌‍නේ‌ මෙම කටයුත්‌තයි. ඉන්‌පසු නැවත ආහාරගනු ලබන්‌‍නේ‌ සවස 6.15 ට පමණ ‍යෙදෙන වි‍ශේ‌ෂ ‍වෙලාවකදියි එය ”නෝබි හැරීම” වශ‍යෙන්‌ හදුන්‌වනු ලබනවා. මේ‌ අතර නාලයතුල කිසිම ආහාරයක්‌ අවම වශ‍යෙන්‌ වතුර ‍හෝ ‍නොගැනීමට ‍මෙම බැතිමතුන්‌ වගබගා ගන්‌නවා. ඊට අමතරව ‍මෙම කාලය තුල පරැෂවචන කීම රෑපවාහිනි ගුවන්‌විදුලිය ඇසීම වැනි ඉන්‌ද්‍රි‍යයන්‌ පිනවන ‍වෙනත්‌ කටයුතු වලින්‌ හැකිතාක්‌ වැලකී සිටීම ඉතා වැදගත්‌ වනවා.

No comments: